නිලාවේලි මුහුදේ කොරල් සිටුවීමේ වැඩසටහනක්



 
 
අමදෝරු අමරජීව
 
ත්‍රිකුණාමලය,නිලාවේලි අවට මුහුදේ විනාශ වී යන කොරල්පරය රැක ගැනීම සඳහා කොරල් සිටුවීමේ ව්‍යාපෘතියක ආරම්භ කර ඇති බව නාවික හමුදාව කියයි.


ඉතාමත් අතලොස්සක් වන  ජාවාරම්කරුවන් පිරිසක්  පසුගිය කාලයේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම නිසා මෙම කොරල් විනාශ වීමේ අවධානමක් පැවැති අතර  ඒවා නැවැත්වීමට මෙහෙයුම් ආරම්භ කරන අතර මෙම කොරල්පරය අනාගත පරපුරට  දායාද කිරිම  අරමුණ  කරගෙන  මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.


මේ අනුව නාවික හමුදාවේ  නාවික කිමිදුම්කරුවන් යොදවා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමලය උතුරු අණදෙන නිලධාරි කපිතාන් හැන්ස්ලි පීරිස් මහතා පැවසිය.


නාවික හමුදාපති වයිස් අද්මිරාල්  සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් නිරාජ් ආටිගල මහතගේ මෙහෙයවිම යටතේ  නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.