නිවාස අහිමි වු සැමට නිවාස දෙන්න අගමැතිගෙන් පොරොන්දුවක්


 (ඉෂාන් සංජීව)

“අපේ පළමු උත්සහය මේ ප්‍රදේශයේ ජන ජිවිතය යථාතත්ත්වයට පත් කිරීම සහ ජිවිත අහිමි වුවන්ගේ මළ සිරුරු සොයා ගැනිමයි.බොහෝ දුරට ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. කුණු කන්දෙන් වෙන හානිය නවත්වන්නට අප ක්‍රියා කරමින් සිටිනවා.

හමුදාව සහ පොලිසිය පැමිණ මේ ප්‍රදේශයේ මුදාගැනිමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ ජිවත්ව නිවාස අහිමි වු සැමට නිවාස ලබා දීමට අප තීරණය කර තිබෙනවා. මැයි,ජුනි,ජුලි මාස වනවිට මේ ජනතාවට එහි පදිංචියට අවස්ථාවක් ලැබේවි.” යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීතොටමුල්ල නායයාමේ සිද්ධිය නිරික්ෂණයට සහ අවතැන් වු ජනතාවගේ සුවදුක් විමසීම සඳහා අද (19) මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණි අවස්ථාවේ කියා සිටියේය.