නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත්


(ප්‍රියානි මංගලිකා )

ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන්  ප්‍රතිකාර ගැනීම  සඳහා අති විශාල පිරිසක්   අද (30) පැමින සිටි අතර රෝගීන්  ප්‍රධාන මාර්ගයේද පෝලිම් සැදී සිටියහ.
 
ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් සහ කාර්ය මණ්ඩලයේ  විශාල පිරිසක්ද යොදවා තිබු අතර වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතාද  තත්වය පාලනය කිරීමට එක්ව සිටියහ.

නිකවැරටිය ප්‍රදේශයේ සියලු පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වසා දැමීම හේතුවෙන්  තත්වය උග්‍ර අතට හැරී තිබුණි .