නිවිතිගල බස්නැවතුම්පොළ අගමැති අතින් විවෘත කෙරේ


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින නිවිතිගල නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ සහ වෙළෙදපොළ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය.


එම අවස්ථාවට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග, සබරගමුව පළාත් ආණ්‌ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා යන මහත්ම මහත්මින් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(ඡායාරූප :  අගමැති මාධ්‍ය ඒකකයෙනි)