නීතිඥවරයකුගේ කාර්යාලයක් ගිනිගනී



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ අලුත්කඩේ මහාධිකරණය අසල බැල්මන්ට් වීදියේ නීතීඥ මහතෙකුට අයත් පුද්ගලික කාර්යාලයක් අද (15)  සවස හදිසි ගිනි ගැනීමකට ලක්වීමෙන් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ.

අසල්වාසීන් ගේ දැනුම්දීම මත පැමිණි කොළඹ මහනගර සභා ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මුළුමනින්ම නිවා දැමු අතර සිදු වෙන්නට ගිය විශාල විනාශයක් එයින් නවතා ගැනීමට හැකි විය.