නීතියෙන්වත් ආරක්‍ෂාවක් නැති බූරුවෝ ගම්වදිති



(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන අපූරුතම සත්ත්ව සම්පතකි කල්පිටියේ වෙසෙන බූරුවන්. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද  ආකර්ෂණයට ලක්වන මෙම සත්ත්වයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇත.

මේ වන විට ස්වභාවික හේතු, මිනිස් ක්‍රියාකාරකම් ආදී විවිධ හේතු නිසාවෙන් කල්පිටි බූරුවන් සීඝ්‍රවශයෙන් වදවීමේ අවදානමකට ලක්ව ඇත.  

කල්පිටි කළපුව කඩොලාන සෙවන හා වැළි කදු අතර නිම්න සිය වාස භූමිය කර ගත් මෙම සත්ත්වයන්ට තම වාසස්ථාන අහිමි වී ඇත. ඒ නිසා ඔවුන් ගම් බිම් කරා පැමිණ ඇත. 
         
මේ නිසා කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ මාර්ග අනතුරු ඇති වන ස්ථානයක් බවට පත් වී ඇත කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.

අතීතයේ දී ලුණු කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහකයින් වූ බූරුවන් ගම් වැදීම නිසා මිනිසුන්ගේ පහරකෑම් වලට ලක්වීමට සිදුවේ.

බූරුවන්ගේ අවිනිශ්චිත හෙට දිනය පිළිබදව අප කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ.මොරතැන්න මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥා පනතන් බූරුවා 
පැහැදිලිවම  ගෘහ අශ්‍රිතම සත්ත්වයෙකු වශයෙන් නම් කර ඇති බැවින්  බූරුවාන්ට අවශ්‍ය ආරක්ෂාව හා සංරක්ෂණය පනතින් නොලැබෙන බවයි.