නුවර වැව ආශ්‍රිත සක්මන් මළුව ජනතා අයිතියට


අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට  ....

ඓතිහාසික අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය  අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

රජරට ජනතාවගේ සුවසෙත, හා විවේක සුවය උදෙසා රාජ්‍ය සහ පළාත් සහා අරමුදල් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මෙම උද්‍යානය ඉදිකර තිබේ.

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුථවට සහභාගීවීමට අනුරාධපුරයට ගොස් සිටි ජනාධිපතිතුමා මෙම අවස්ථාව සදහා ද එක් වූ අතර පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද මීට එක්ව සිටියහ.

 

 

( ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය )