නුවරඑළිය වසන්ත සැණකෙළියට සුදානම්


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය  වසන්ත  සැණකෙළිය  අප්‍රේල් මස 01 වැනිදා  සිට 30 වැනිදා  දක්වා  පැවැත්වේ.

උත්සවයට  සමඟාමීව නුවරඑළිය  නගරය අවට ඇති බොහෝ ස්ථාන මේ වන විට සුන්දර ලෙස සැකසීමේ කටයුතු නුවරඑළිය මහ නගර සභාව සිදු කරමින් පවතී.

නුවරඑළිය වසන්ත උත්සව සමයේදී දේශීය විදේශීය සංවාරකයන්ගේ හා විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ වඩාත් ආකර්ෂණයට ලක්වෙන පිවිසෙන ස්ථානයක් ලෙස නුවරඑළිය නගර මැද්දේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සැළකේ.

මේ දිනවල එහි විවිධ සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතින අතර විශේෂයෙන්ම එහි සිටුවා ඇති දේශීය හා විදේශීය මල් වර්ගවල මල් පිපී  සුන්දරත්වයක්  එක්ව තිබෙනු දැකිය හැක.