නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය නගරය හා ඒ අවට ඇති නැරඹුම් ස්ථාන දේශීය සංචාරකයන්ගෙන් අද (05) පිරී පැවැතිණි. සතිඅන්ත නිවාඩු දින හා රටේ පවතින යහපත් වාතාවරණය හේතුවෙන් අති විශාල දේශීය සංචාරකයෝ පිරිසක් මෙසේ නුවරඑළිය නගරයට පැමිණ සිටියහ.
 
නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව උද්‍යානය, හග්ගල මල් වත්ත, ගැල්වේස්ලෑන්ඩ් වනෝද්‍යානය, සඳතැන්න පාරිසරික උද්‍යානය ඇතුළු නුවරඑළිය නගරය ඇතුළු සියලු ස්ථාන සංචාරකයන්ගෙන් පිරී ගොස් පැවැතිණි.
 
මාස හතරකට අධික කාලයක් පාලුවට ගොස් තිබු නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශ නැරඹීම සඳහා මෙසේ දේශීය සංචාරකයන් පැමිණීම නිසා තමන්ගේ ආදායම් තත්ත්වයද යහපත් අතට හැරමින් පවතින බව නුවරඑළියේ වෙළෙන්දෝ, ග්‍රෙගරි වැවේ බෝට්ටු සපයන්නෝ, පෝනි ධාවකයෝ, බේල් වෙළෙදාමේ නිරත පිරිස් සහ හෝටල් හිමියෝ පවසති.
 
නුවරඑළිය නගරයේ රථ වාහන තදබදයක්ද මේ හේතුවෙන් දක්නට ලැබිණි.