නුවරඑළියේ සුන්දරත්වයට බැකෝ ප්‍රහාරයක්



ඡායාරූප හා සටහන - නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි

නුවරඑළිය බදුල්ල මාර්ගයේ පුරහල ආසන්න මාර්ගයේ දෙසට පැතිර තිබූ සයිප්‍රස් ගස් ගණනාවක අතු මාර්ගයට අවහිරයක් වන බැවින්, මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් ඒවායේ අතු කපාදමන ලදී.

එයින්, ගස්වලට බරපතල හානි ගෙන දී ඇත. ගස් අතු කැපීම සඳහා ඕනෑතරම් කුඩා යන්ත්‍ර ඇතිමුත් බැකෝ යන්ත්‍රයක ඉතා විශාල තල භාවිතා කරමින්, ගස්වලට හානි ගෙනදෙමින් එම අතු කපා ඉවත්කිරීම නුවරඑළිය ප්‍රදේශයේ පරිසරයටල අලංකාරයටද හානියක් යැයි බොහෝ දෙනා අප්‍රසාදය පළකරති. 

මෙම ක්‍රියාව නිසා ගස් පෙළ මැරීයාමේ තර්ජනයට ලක්විය හැකි බවද පරිසරවේදිහු කියති.