නොරෝච්චෝලේ වන්නන්කුලම් වැව අවසරයකින් තොරව පුරවති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල නගරයේ පිහිටි පැරණි වන්නන්කුලම්  වැව කිසිදු අවසරයකින් තොරව නීති විරෝධි ලෙස පුරවමින් තිබේ.

නොරෝච්චෝල නගරයේ සිට ඉලන්තඩිය දෙසට ගමන් ගන්නා මාර්ගයේ  පිහිටි මෙම වැව බොරළු දමා පුරවා ඇවිදින මංතිරු හා ළමා උද්‍යානයක් සැකසිමට යැයි පවසමින් දේශපාලඥයකුගේ  මැදිහත් විමකින් මෙය සිදු කෙරෙන බව  ඇතැම්හු චෝදනා කරති.
 
ගංවතුර සමයේදී නොරෝච්චෝල නගරයේ ගංවතුර පාලනයට මෙම වන්නන්කුලම් වැව් මහත් දායකත්වයක් දක්වයි.
 
වගාවන් සදහා ජලය සපයා ගැනිමක් සිදු නොවන නමුත් නොරෝච්චෝල නගරයට තිබු සුන්දර ස්ථානයක් වු මෙම වැව අවස්ථා ගණනාවක දී විවිධ පුද්ගලයින් විසින් මෙම වැවට අයත් භුමිය අනවසරයෙන් අත්පත් කර ගැනිම සිදුව ඇති බව ද කියයි.
 
මේ වන විට වැව මැදින් හා තවත් තවත් පසෙකින් නීති විරෝධී ලෙස ගොඩ කරමින් මාර්ග සකසා තිබේ.

 
එසේම වැවේ ස්ථානයක් පුරවා ඇති අතර ඒ ආසන්නයේ වැව පිරවිමේ අරමුණින් බොරළු ටිපර් 100 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන විත් ගොඩ ගසා ඇත.
 

කෙසේ වෙතත් මේ පිළිබදව කළ  විමසිමේදී පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්  එස්.එස්.පී .සේනාධිර මහතා පවසා සිටියේ මෙවැන්නකී.
 

“ මේ පිළිබදව අපිට කල්පිටිය ගොවිජන සේවා ප්‍රදේශීය නිළධාරි මාව දැනුවත් කළා .කඩිනමින්ම මම මේ පිළිබදව සොයා බැලුවා. මේ සදහා කිසිම ආයතනයකින් නිත්‍යානුකුල අවසරයක් නැතුවයි කරලා තිබුණේ. මම වහාම අපේ නිළධාරින් දැනුවත් කළා මෙම කටයුත්ත නවතා දමන්නත් ඒ වාගේම වැවට හානි කර ලෙස කර තිබු සියල්ල ඉවත් කරන්නත් .
 
ඒ එක්කම මේ වන විට අදාල නිති විරෝධී කටයුත්තට අදාල නිතියට අනුව ක්‍රියා කරන්නත් අදාල කටයුතු මේ වන විට කරගෙන යනවා යැයි ඔහු පැවසිය .

එසේම කල්පිටිය ගොවිජන සංවර් ධන ප්‍රාදේශීය නිළධාරිනී ඩබ්ලියු .එම්.ඩි.පි. විජේසිංහ මහත්මිය පවසා සිටියේ මෙවැන්නකී.
 
“ අපි මේ වන අදාල නිතිමය කටයුතු කළා .මේ වැව මේ ප්‍රදේශයේ තිබුන පැරණි වැවක් .එය නැවත හාර වැව ප්‍රතිසංස්කරණය කරන්නත් ඉදිරියේදිම කඩිනමින් කරන්න සුදානමක් තිබෙනවා .