පකිස්තාන විදේශ ලේකම්වරිය ජනපති හමුවෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)
 

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශවීය දේශපාලන උපදේශන සාකච්ඡාවලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය. 
 
එහිදි ජනාධිපතිවරයා සහ පාකිස්තාන විදේශ ලේකම්වරිය අතර ද්විපාර්ශවීක සබඳතා, ආයෝජන හා කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් දෙරටට බලපාන පොදු කරුණු  ආදී මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. 
 
පාකිස්තාන විදේශ ලේකම්වරිය මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් ආරම්භ කිරීමේ උත්සවයකට ද එක්වීමට නියමිතය.