පමුණුව නිමි ඇඳුම් වෙළඳපොල ජනතාවගෙන් පිරෙයි


එලැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාව ඒ වෙනුවෙන් සුදානම් වන අයුරු මේ දින වල දැකිය හැකි සුලබ දසුනක් වන අතර තම නෑදෑ හිත මිතුරන්ට තෑගි දීම සඳහා නිමි ඇඳුම් මිලට ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගනී. නිමි ඇඳුම් සඳහා ඉතා ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක් වන මහරගම පමුණුව එසේ නිමි ඇඳුම්  මිලට ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගිය ලංකාදීප කැමරා කාචයේ සටහන් වූ අයුරු.

ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි