පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත්


ක ග කරුණාරත්න
 
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නියඟයෙන් පසුව ඇති වූ වර්ෂාවත් සමඟ දලුලා වැවෙන තණ කොළ ආහාරයට ගැනීමටත් සංචාරක හෝටල්වලින් ඉවත ලන ආහාර ද්‍රව්‍යයන්   කෑමටත් මෙම අලින් හුරුවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.
 
පරාක්‍රම සමුද්‍රයේ උතුරු දෙසින් පිහිටා තිබෙන මහා පැරකුම්බා රජු විසින් කරවූ සීත මාලිගාව අවට පරිසරයේ වන අලින් සැරිසරන අයුරු ඡායාරූපයේ දැක්වේ.