පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අරී


 


(ක.ග. කරුණාරත්න)


දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා ඊයේ (23) රාත්‍රියේ එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 1 බැගින් විවෘත කිරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

පරාක්‍රම සමුද්‍රයේ ජලමට්ටම ඊයේ (23) රාත්‍රී 11.00  වනවිට අක්කර අඩි 117,000 ඉක්මවා ගිය බව වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසීය.

අද උදෑසන වන විට  පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් දක්වා විවෘත කළ බව ආපදා කළමනාකරණ එ්කකය පවසයි.

වාන් දොරටු විවෘත කිරීමෙන් පසුව එයින් තත්පරයකට ඝන අඩි 560 ක ජල ප්‍රමාණයක් පිටතට ගලායන බවද ඒ මහතා කීය.