පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක් විවෘත කරයි


ක ග කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ පියතිලක  
 
පොලොන්නරුවට   දින 02ක් පුරා  පැවැති දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු  දහයෙන් අටක්  විවෘත කර ඇති බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස් කේ හේවගේ මහතා පැවැසිය.
 
අඩි එක බැගින් වාන් දොරටු හයක් ද   අඩි දෙක බැගින් දොරටු දෙකක් ද අද රාත්‍රී අටට පමණ    විවෘත කළ බව  හේවගේ මහතා පැවැසීය.
 
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාහත් දාහක්  බවත් , තප්පරයට ඝන අඩි 1400ක් වාන් දොරටුවලින් පිටවන   බවත් ඔහු කීවේය.