පරිසරය පූජනීයයි වැඩසටහනට ජනපතිම මූලිකත්වය ගනී


මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) ආරම්භ කෙරිණ. 

අනතුරුව සඳුදා(01)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වුණු මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ක්‍රීඩංගණය පවිත්‍ර කළහ.  

ශ්‍රී‍්‍ර දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට දැත් සේදීම සඳහා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත ජනපතිවරයා ප්‍රදානය කළේය.

අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,මධ්‍යම පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)

(ඡායාරූප-මොහොමඩ් ආසික්)

 

(ඡායාරූප-චමිල් රූපසිංහ)