පරිසරවේදීහු ආනවිලුන්දාවේ කඩොලාන සිටවති



(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)        

ඉස්සන් පොකුණක් සකස් කිරීමට අනවසරයෙන් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුල් වී ඩෝසර් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරිමේ සිද්ධියෙන් පසු සංවිධානය වූ පරිසරවේදීන් කණ්ඩායමක් වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව විනාශ කර තිබූ භුමියෙහි රුක් රෝපණ ව්‍යාපාරයක් අද (19) සිදු කරන ලදී.

වයඹ පරිසර හඬ සංවිධානය මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊට වනජීවි දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්, හරිත පරපුර සංවිධානය  සහ ආනවිලුන්දන්පත්තු රැම්සා තෙත් බිම සුරැකීමේ සංවිධානය සහයෝගය ලබා දී තිබුණි.

වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත පේමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පරිසරවේදීන්  මෙම අවස්ථාවට එක්වී ඉස්සන් කොටුවකට සකස් කළ භුමිය අසල බිමෙහි විවිධ වර්ගයේ කඩොලාන පැල වර්ග  රෝපනය කළ බව වයඹ පරිසර හඬ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.