පලාලි ඉඩම් නිදහස් කරන්නැයි නිහඬ විරෝධයක්


සිරාජ් හසීම්

යුද හමුදාව බාරයේ ඇති යාපනය පලාලි සහ වාසවිලාන් ප්‍රදේශවල ඉඩම් වල නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි බලකරමින් යාපනය පලාලි යුද හමුදා ජනපදය ඉදිරිපිට අද (5)  නිහඬ විරෝධතාවක් සිදුකෙරිනි.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාලි දකුණ සහ වාසවිලාන් යන සීමාවන්හි ඉඩම් හිමි පිරිස්   මෙම විරෝධතාවය සිදුකළහ.

වාසවිලාන් ග්‍රාමීය ප්‍රගතශීලී සංගමය ඉදිරියෙන් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන පලාලි යුද හමුදා ජනපදය ඉදිරියට පැමිණියේය.

මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රීක් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා   පැවසුවේ මෙම ගැටළුව ගැන උතුරු ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.