පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව නිමාවෙයි


(ඡායාරූප - නිසල් බදුගේ)

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන ලද පළමු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සමුළුව කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ  සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින්  ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලදක්ෂයෝ  400ක් පමණ මෙම සමුළුවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ කොළඹ හිල්ටන් හෝටලය ඒකාබද්ධවී පවත්වන ලද මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ප්‍රවීණ උපදේශකවරියක වන මැලේසියාවේ  රීටා ගෝ මහත්මිය විසිනි. 
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුවේ සමාප්ති උත්සවය පැවැත්වූ අතර හර්ෂ ද සිල්වා මහතා විසින් රීටා ගෝ මහත්මියට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු සහ එම සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

.