ප්‍රංශයෙන් ඇවිත් අලි නාවයි


විවිධ වික්‍රමාන්විත ක්‍රීඩාවන් හි යෙදෙමින් දින 8 ක කාලයක් මහනුවර ප්‍රදේශයේ ගත කළ 300 කින් සමන්විත ප්‍රංශ ජාතික යුවතියන් ඔවුන්ගේ සංචාරය අතරතුර දළදා මාලිගාව නැරඹීමට ද අමතක නොකළේය.

එහිදී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇතුන් නාවන තටාකය නැරඹීමට ද එම යුවතියන් එක් වූ අතර එම අවස්ථාවේ තටාකයේ දියනාමින් සිටි දළදා මාලිගාවේ ඇත් පන්තියේ බුරුම රාජා හස්තියා නෑවීමට ද එම තරුණියෝ එක් වූවෝය.

ෂේන් සෙනෙවිරත්න