ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ-චන්ද්‍රිකා ඇතුළු පක්ෂ ගිවිසුම අත්සන් කරයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ හා හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු  සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් මේ  අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව සන්ධානය වෙනුවෙන් ද ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂවල ලේකම්වරු ද  ගිවිසුමට අත්සන් තැබුහ.