ප්‍රහාරයෙන් මියගිය 30දෙනෙකුගේ පවුල්වලට වන්දි


(ඡායාරූප - ගයාන් අමරසේකර)                               

පසුගිය පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ට චෙක්පත් ප්‍රදානය කිරීමේ උළෙලක් අද (11) පෙරවරුවේ කොල්ලුපිටිය සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.                                          

එහිදී එම සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 30 දෙනෙකුගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් වන්දි ප්‍රදානය කෙරිණි.