පානදුර ආතර් වී දියෙස් උද්‍යානය ජනතා අයිතියට


නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බස්නාහිර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත මෙම උද්‍යානය හා දුම්රිය පොළ චතුරශ්‍රය ඉදිකර තිබේ.

අමාත්‍ය අජිත් පී පෙරේරා, පානදුර නගරාධිපති නන්දන ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප  - චතුර එස්. කොඩිකාර)