පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

 

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද ට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත්වීමේ මානව අයිතිය සුරකිනු යන තේමාව යටතේ  ප්‍රගතිශීලීස්ත්‍රී සාමුහිකයන් සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද 10 පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත් විය.

එයට ප්‍රගතිශීලී ස්ත්‍රී සාමුහිකයන් සංවිධනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හරිනි අමරසුරිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.