පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක්


 

 

(ශාන්ත රත්නායක)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක්  අද (01 ) බත්තරමුල්ල  පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි.

එයට ගුරුවරු හා විදුහල්පතිවරු රැසක් සහභාගි වී සිටියහ.