පාර්ලිමේන්තු සැසියෙන් පසු පැවති තේ පැන් සංග්‍රහය


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

නව වන පාර්ලිමේන්තුවේ  ආරම්භක සැසියෙන් අනතුරුව ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පාර්ලිමේන්තු ප්‍රධාන භෝජනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන්, පැමිණ සිටි ආරාධිතයින් ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එයට පැමිණි නමුත් එහි රැඳී සිටියේ සුළු වේලාවකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූයේ නැත.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)