පාර්ලිමේන්තුවට එපාවූ සන්නිවේදන පද්ධතිය දළඳා මාලිගාවට


(ගයාන් අමරසේකර)

පාර්ලිමේන්තුවට නව කැමරා සන්නිවේදන පද්ධතියක් එක් කිරීම නිසා මෙතෙක් භාවිත කළ පැරණි කැමරා උපකරණ ඇතුළු සන්නිවේදන පද්ධතිය මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පරිත්‍යාග කිරීමේ උත්සවය අද(12) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේ දී පැවැත්විණි.
කථානායකවරයා විසින් එම උපකරණ දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ක්‍රිශාන්ත හිස්සැල්ල මහතාට බාර කෙරිණි.