පාසල් දරුවෝ මඩුකන්ද වැවේ මසුන් බේරාගනිති


 ( රොමේෂ් මධුෂංඛ)


ජලය නොමැති වීමෙන් මිය යාමට ආසන්නව සිටි මසුන් බේරා ජලය ඇති ළිං තුළට දැමීමේ ක්‍රියාවක නිරත වීමට වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ තරුණ පාසල්  සිසුන් පිරිසක්  පසුගියදා කටයුතු කළේය.  


වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැවේ ජලය ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුවන් විසින් පියවර ගැනීම හේතුවෙන් වැවේ ඉතිරි වූ මසුන් ඉතිරි වූ ජලයට වී සිටියද පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් ඉතිරි ජලයද  සිඳී යාම නිසා ඉතිරි මසුන් මිය යාමේ අවදානමක්ව පැවතුණි.


මේ හේතුව නිසාවෙන් මඩුකන්ද ග්‍රාමයේ සිටි තරුණ පාසල් ළමුන් පිරිසක් විසින් මඩුකන්ද වැවේ ඉතිරිව සිටි සියලු මසුන් අල්ලා විශාල බඳුනකට දමා ප්‍රදේශයේ නොසිඳෙන ළිඳකට දැමීමට පියවර ගෙන තිබුණි.


මේ අනුව ලූලන්, කාවයියන්, තෙප්පිලියන්, අංගුට්ටන් , හුන්ගන් ආදි මසුන් විශාල ප්‍රමාණයක් අල්ලා ජලය ඇති ළිඳකට දැමීම ප්‍රදේශවාසීන්ගේද ප්‍රසාදයකට ලක් වූ ක්‍රියාවක් විය

.