පාසල් පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය කොළඹදී


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

2018 වර්ෂය සඳහා පාසල් පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද(11) පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පෙළ පොත් කට්ටල දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි පාසල් දරුවන්ට මෙහිදී සංකේතවත්ව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී.