පාසල් සිසුන් අතර ජනප්‍රියම පුවත්පත ලංකාදීප


කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය විසින් සංවිධානය කරන ලද ඩී එස් සේනානායක විද්‍යාලයීය සිසුන්ගේ සන්නාම සම්මාන උළෙල (ඩීඑස් ස්ටුඩන්ස් බ්‍රෑන්ඩ් අවෝඩ්) මලලසේකර මාවතේ වරලත් ගණකාධිකාරී ආයතන ශ්‍රවණාගාරයේ දී අද (22) පස්වරුවේ පැවැත්විණි. 
 
මෙම සම්මාන උත්සවයේදී පාසල් සිසුන් අතර වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානය දිනා ගත්තේය. එම සම්මානය ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහතා විසින් ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාට පිරිනමන ලද අවස්ථාව. කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ විදුහල්පති ආර් එම් එම් රත්නායක මහතා ද ඡායාරූපයේ සිටී.
 
ඡායාරූප ගයාන් අමරසේකර