පාස්කු දා ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර ක්‍රයිස්චර්ච්හි දේව මෙහෙයක්


( ඡායාරූප -  සංඛ විදානගමගේ )

පසුගිය 21 වෙනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ  ත්‍රස්ත ප්‍රහාර හේ්තුවෙන් වියෝවූ සහෝදර ජනතාව සහ මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර සිටින සියලු දෙනා සිහිපත් කර විශේෂ දේව මෙහෙයක් අද (26) ක්‍රයිස්චර්ච්හි ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්විණි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් කැන්ට ලංකා සංගමය විසින් එය සංවිධානය කර තිබුණි.