පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරති


(ඩයනා උදයන්ගනී, ඉන්දිකා රාමනායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන අද දින දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.

ආගම් බේදයකින් තොරව පැවැති මෙම දේව මෙහෙයට භික්ෂූන් වහන්සේ මෙන්ම වෙනත් ආගම්වල නායකයෝද එක් වූහ.

මෙම දේව මෙහෙයන් පැවැති සෑම දේවස්ථානයක් අසලම පොලිසිය සහ ත්‍රිවිද හමුදාව එක්ව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි.

දේවස්ථානවලට ඇතුළුවන සියලු දෙනා දැඩි පරීක්ෂාවට කරනු දක්නට ලැබිණි.

කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය ආ භික්ෂූන් වහන්සේලා පහන් දල්වා මියගිය පිරිසට පින් අනුමෝදන් කළ අයුරු (ඡායාරූප මොරොන්තොට එන්.ආරච්චි)

කටුවාපිටිය දේවස්ථාන අසල ආරක්ෂාක තර කර තිබූ අයුරු (ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි)

කටුවාපිටිය දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගි වූ පිරිස (ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයවෙනුවෙන් සාධාරණය ඉල්ලා නුවරඑළිය මීෂමට අයත් කතෝලික බැතිමතුන් 21 පස්වරුවේ විශේෂ දේවමෙහෙයක් පැවැත්වීම (ශෙල්ටන් හෙට්ටිආරච්චි)