පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අලෙවිකරුවන්ගෙන් ජෛව සාම්පල ගනී


ශාන්ත රත්නායක

පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඊයේ 21 සිට 23,24 තෙක්  වසා දැමීමත් සමග අද (22) උදැසන පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ තොග අලෙවිකරුවන්ගේ ජෛව පටල සාම්පල ගැනීමට සෞඛ්‍ය නිලධාරීහු  පියවර ගත්හ.


පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයා ගැවැසී ඇති බවට තොරතුරු හෙළිවීම නිසා පැලියගොඩ මත්ස්‍ය වෙළදසැල වසා දැමිනි.