පෑවිල්ලෙන් මුලතිව් කුඩා වැව් 250ක් පොත්තටම සිඳෙයි


(රොමේෂ් මධුෂංඛ)

 මුලතිව් දිස්ත්‍රික්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර පවුල් 18,000 කට අයත් පුද්ගලයින් 61,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
 
මුලතිව් පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි බටහිර, මැරටියන්පත්තු, තුනුක්කායි, ඔඩුඩුසුඩාන් සහ වැලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කුඩා වැව් සියල්ලම සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත.
 
එසේම මධ්‍යම ප්‍රමාණයේ වැව්ද සම්පූර්ණයෙන්ම සිඳී යාමේ අවදානමක් පවතින බවද එම කාර්යාලය පෙන්වා දෙයි.
 
මුලතිව් දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වැසියන් 90% කට වැඩි පිරිසක් දෛනික ජීවන කටයුතු සඳහා සිදු වැව් ජලය යොදාගන්නා බැවින් වැව් සියල්ලක්ම සිඳී යාමෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි ඔවුහු කියති.