පිටකොටුවේ තොග කඩ ඇරේ


(ඩයනා උදයංගනි)                                             

ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ පිටකොටුවේ තොග කඩ අද (3) විවෘත කෙරිණි. රටපුරා හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‍ බෙදාහැරීමේ අරමුණින් මෙලෙස තොග කඩ විවෘත කිරීමට පියවර ගෙන තිබේ.   

ඒ අනුව දිනපතා අලුයම 5 සිට පස්වරු 3.00 දක්වා තොග කඩ විවෘතව තැබෙනු ඇත.                                                            

ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)