පිලිපීනයේ ජාතික වීරයින්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර


පිලිපීනයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පිලිපීන විප්ලවයේ  ජාතික වීරයින් සිහි කරමින් ඔවුනට පුෂ්පෝපහාර දැක්වීය.

මැනිලා නුවර  පිහිටි  ඓතිහාසික නාගරික උද්‍යානය  වන රිසල්  උද්‍යානයට ගිය ජනාධිපතිවරයා එහි  ස්ථාපිත කර ඇති ස්මාරකයට මෙලෙස පුෂ්ප උපහාර  දැක්වු අයුරු ඡායාරූපවලින් දැක්වේ.

 

 (36698)

 (ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය )