පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් අද (14) ආරම්භ කෙරිණ.
 
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව මෙය සංවිධානය කර තිබූ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකාවන් ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන කාන්තාවෝ විශාල පිරිසක් පාගමන සඳහා එක්ව සිටියහ. 
 
ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාද , චන්ද්‍රානි බණ්ඩාර , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අනෝමා ගමගේ යන අමාත්‍යවරියන්ද මේ අවස්ථාවට එක්වුහ.