පුටින්ගෙන් ජනපති මෛත්‍රීට මහනුවර යුගයේ කස්තානයක්


රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති වැල්ඩැමීර් පුටින් මහතා  විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ රාජකීය කස්තානයක් තිළීණ කළේය.

1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදී ගෙන තිබේ.