පුත්තලම-කුරුණෑගල මහා මාර්ගයට සෙවණ සදයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම කුරුණෑගල මාර්ගය අයිනේ සැතපුම් තුනකට ආසන්න දුරක්  පැල 1000ක් රෝපණය කිරිම පසුගිය දා සිදු විය.

කොට්ටුකච්චිය ග්‍රාමිය රෝහලේ  සේවය කළ වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතාගේ  මැදිහත් වීමෙන් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් ටි.එම්.ජේ ඩබ්ලිව් . තෙන්නනකොන් මහතාගේ සහභාගිත්වයෙන් පැල සිටුවීම සිදු විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක කණ්ඩායමක් ද මෙම පැල සිටුවිමේ කටයුත්තට   දායකත්වය  ලබා දුන්නේය.