පුත්තලම පුලිදිවාසල් කඩොලාන බිමක් ලුණු ටැංකි සැදිමට වනසති


 

 

 



 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)       

                   
වසර 100 ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා නගති.               

                     
මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පුලිදිවාසල් ග්‍රාම නිළධාරි වසමේ පුත්තලම කලපු තීරයට අයත් කඩොලාන පරිසර පද්ධතිය මෙසේ නීති විරෝධි ලෙස ලුණු ලේවායක් සැකසීම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා කරති.                                                                           
මෙසේ වනසා ඇත්තේ වසර 100 කට ආසන්න පැරණි දැවැන්ත කඩොලාන පද්ධතියක අක්කර පහකට ආසන්න භුමියක් බව පරිසරවේදීයෝ පවසති.
මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිමිතව ඇති කඩොලාන බිම් ප්‍රමාණය නැවතත් ඉස්සන් ටැංකි හා ලුණු ටැංකී ඉදිකිරිම සදහා වනසමින් ඇති බව ඔවුහු කියති.
අදාළ භුමි ප්‍රදේශය හිමි මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා මහත්මිය කල විමසිමේදි මෙසේ පැවසුවාය.                                           
“මම අපේ සියලුම ග්‍රාම නිළධාරින් දැනුවත් කර තිබෙනවා කඩොලාන භුමි පිළිබදව නිසි අවධානය යොමු කරන්න කියලා .ඒ නිසා මම කඩිනමින් අදාල නිළධාරින් යොමු කරන්නම් සිද්ධිය සොයා බලන්න. අනික කඩොලාන ගසක්වත් කිසිම ලෙසකින් ඉවත් කරන්න අවසර දෙන්න එපා කියලා නිළධාරින් දැනුවත් කර තිබෙනවා.   

                          
කෙසේ වෙතත් මේ පිළිබදව පුත්තලම දිසා වන නිළධාරි කාර් යාලයේ ඉහල නිළධාරියකු ගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මේ පිළිබදව සොයා බලන බවයි .