පුත්තලමේ වැව් 550 ක් සම්පූර්ණයෙන්ම සිඳී යයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මේ දිනවල පවතින  නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට  අයත්  වැව් පද්ධතියෙන්  අඩක්ම සිඳී ගොස් ඇත.

නියමිත ලෙස වර්ෂාව නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වැව් 1207 කින්  වැව් 550 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී ගොස්  තිබේ.

සිඳී ගිය වැව්වලින් වැව් 400 කට වැඩි ප්‍රමාණයක් ආණමඩුව මැතිවරණ කොට්ඨාශයට අයත්ය. වැව් සිඳීයාමෙන් වගා කර තිබූ වී ගොවිතැනින් අක්කර 10000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට තොරතුරු සතු බව  පුත්තලම ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
 
වැව්වල ජලය සිඳී යාමත් සමඟ වන සතුන් ගම්මාන කරා පැමිණීමට පටන් ගෙන ඇති බව ජනතාව පවසයි. එයට අමතරව ගෘහස්තව ඇති කරන සතුන්ටද ජලය සපයා ගැනිමට ගැටලු මතුව ඇති බව ගොවිපල හිමිකරුවෝ පවසති. කුඹුරු වලට ජලය නොමැතිවීම නිසා මේ වන විට තමන් දැඩි අසරණතාවයන්ට පත්ව ඇති බවට ගොවිහූ පවසති.