පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත දීම අස්ගිරියෙන් ඇරඹෙයි


(චමිල් රූපසිංහ)

අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශවයේ භික්ෂූන් වහන්සේ පිරිසකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම මහනුවර ජාතික රෝහලේදී සිදු කෙරුණි.

ජනපති හා අගමැති උපදෙස් මත මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කරමින් අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ලේඛකාධිකරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසකට මෙදින එන්නත් ලබාදීම සිදුකළහ.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත එන්නත ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසු අතර මල්වතු මහ විහාරයේ වැඩවාසය කරන මහ සංඝරත්නය සඳහා 24 දින කොවිඩ් එන්නත ලබා දීමට සැළසුම් කර තිබෙන බවද කපිල ගුණවර්ධන මහතා පැවසිය.