පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට


(ජයමාල් චන්ද්‍රසිරි)

රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.