පූනෑව ඉසිපතන විද්‍යාලය විවෘත කෙරේ


(සිතුම් චතුරංග)

අභිනවයෙන් ඉදිකළ මැදවච්චිය පූනෑව ඉසිපතන මහා විද්‍යාලය අද(04) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රුපියල් මිලියන 160 වියදමකින් ඉදිකළ නව පාසල අංග සම්පූර්ණ ගොඩනැගිලි හා තාක්ෂණික ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය.

පැරණි පූනෑව මධ්‍යමහා විද්‍යාලය පුරාවිද්‍යා රක්ෂිතයක් තුළ ඉදිකර තිබිම තුළින්  සංවර්ධනය හා ඉදිකිරීම් සිදුකරන්නට ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නව විද්‍යාලය වෙනත් ස්ථානයක 2012 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කෙරිණ.