පෙළපාලියේ ආ පහේ ශිෂ්‍යත්ව හපන්නු පොලිස් ජිප් රියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට


 

(රංජන් කස්තුරි)

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන්  සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම නිසා අසාධාරණයක් සිදු වු බව කියමින්  එම සිසුහු හා මවුපියෝ පිරිසක් අද  කොළඹදී විරෝධතාවක් නිරත වූහ.

පාසල් සුරැකීමේ ජනතාව ව්‍යාපාරය සංවිධානය කළ එම විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ අතර විරෝධතාකරුවෝ පා ගමින්න් අග්‍රාමත්‍ය කාර්යාලය දක්වා ගමන්ගත්හ.

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් සිසුහු හා මවුපියෝ ජීප් රථයක නංවාගෙන සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට රැගෙන යනු ලැබූහ.

(ගයාන් අමරසේකර)