පේරාදෙණි සරසවි නිර්මාතෘවරයාගේ පිළිරුවක් නිමවෙයි


(සෙනරත් බණ්ඩාර)

පේරාදෙණිය සරසවියේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවර් ජෙනිංස් මහාචාර්යවරයා සිහි කර පිළිරුවක් නිරාවරණය කිරීම අද(7) ඔහුගේ මිනිබිරිය වූ මෙනාසස් රෙබිකා කේ. අමනි අතින් විශ්ව විද්‍යාලයීය සනාතන මැදුර වටරවුමේදී සිදුකෙරිණි.

වසර 75ක් වූ පේරාදෙණිය සරසවියේ රිදී ජුබිලියට සමගාමීව ශ්‍රීමත් අයිවර් ජෙනිංස් සැමරුම් උළෙල පසුගිය 6වැනිදා පැවැත්විණි. 1941 මාර්තු 22වැනිදා අයිවර් ජෙනිංස් එංගලන්තයේ සිට ලංකාවට පැමිණ පේරාදෙණිය හන්තාන පරිසරයේ මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු කර ඇත.

මෙම සැමරුම් උළෙලට පේරාදෙණිය සරසවියේ කුලපති මහාචාර්ය ඩි.කේ.එන්.ඩි සිල්වා, උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ආර්.එල් විජයවීර ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අයිවර් ජෙනිංස් මහාචාර්යවරයාගේ මිනිබිරිය සහ ඇගේ සැමියා විලියම් තිමති රිචඩ් එංගලන්තයේ සිට පැමිණ සැමරුම් උළෙලට සහභාගී වූහ.