පේරාදෙණි සරසවි සිසුහු නේවාසිකාගාර හැරයති


(සෙනරත් බණ්ඩාර)

පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය සරසවියේ සිසුහු අද (4) සිය නේවාසිකාගාරවලින් ඉවත්ව නිවෙස් කරා ගියහ.

විශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දින නියමයක් නොමැතිව වසා දැමීමට උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා ඊයේ (3) තීරණය කළ අතර අද(4) සියලුම සරසවි සිසුන්ට නේවාසිකාගාර වලින් පිටව යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී තිබිණි.