පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය සිසුන් විරෝධතාවයක


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්  සීමාවාසික  පුහුණුවට වහා බඳවා ගන්නා ලෙසත් , සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා  ගැනීමට නිශ්චිත  ක්‍රමවේදයක්  සකස්  කරන ලෙසත් ඉල්ලා සිසුහු විරෝධතාවයේ නිරතවූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)