පොදු ස්ථානවල මීටරයක දුර ලකුණු කරයි


කොරෝනා  වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක  පරතරයෙන් සිටීම සඳහා  සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක්  අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත.
 
ඒ අනුව කෝට්ටේ මහ නගර සීමාවට අයත් සියලුම පොදු ස්ථානවල එම සීමාව ලකුණු කිරීම සිදුකරන බව කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා පැවසීය.

ඡායාරූප -  ලහිරු හර්ෂණ